EMERGENCY CASES+94 (070)555-9349
ONLINE CONSULTATIONSUPPORT@iCARE.LK
http://icare.lk/wp-content/uploads/2011/05/emergency-services-500x156.png
http://icare.lk/wp-content/uploads/2011/05/Qualified_eye_Doctors-1-500x156.png
http://icare.lk/wp-content/uploads/2011/05/international_booking-500x156.png
අපේ ඇස් වලට ආරක්ෂාව

මිනිස් ශරීරයේ ශ්‍රේෂ්ඨතම වස්තුවක් වන දෙනෙත හිස් කබලෙහි ඉදිරිපසින් පිහිටි විවරයක් තුල ආරක්ෂා සහිතව පිහිටා ඇත.මෙය ආලෝකය හදුනගත හැකි සංකීර්ණ ක්‍රියාවලියකින් යුතු ශරීරයේ පවතින විශ්මිත ඉන්ද්‍රියකි.තමා සතුව පවතින වටිනාම වස්තුන් ඇසක් මෙන් රැකබලාගතයුතු බව කියමනට කියන්නේද ඇසෙහි ඇති වටිනාකම මිල නොකළ හැකිබව කියාපාමිනි. තම ඇස්දෙක වසා එදිනෙදා වැඩ කිරීමට උත්සාහ ගන්න.එවිට ඔබට වැටහේවි ඇස එදිනෙදා ජීවිතයේදී කෙතරම් ප්‍රයෝජනවත්ද යන වග.අවට පරිසරයේ ඇති දේ වල වර්ණය,හැඩය,ප්‍රමාණය නිර්ණය කිරීමට මෙම විශේෂ ඉන්ද්‍රියට හැකියාවක් ඇත.එලෙසම මිනිස් සිතුවිලි හා සංවේදන සමඟ ඇසේ ඇති සම්බන්ධතාවය,සිතට දුකක් දැනුණු විට පන නගින කඳුළු වලින් මෙන්ම සිත සතුටින් පිනා යන විට පැන නගින සතුටු කඳුළු වලින් පිළිඹිබු වේ.අප අඬන විට ඇහැ පොඩි කරන්නේ ඇයි?එයින් අපගේ මනස සැහැල්ලු වී සිතුවිලි නැවුම් කර ගැනීමට උදවු වෙනවා.එලෙසම එක දිගට කිවිසුම් යන විට ඉර එළිය හෝ දීප්තිමත් එළියක් දෙස බැලීමෙන් එය වලක්වා ගත හැක.තදබල හිසරදයකදී ඇහැ වටා සම්බාහනය කිරීමෙන් , ඇහැ තෙත් කිරීම මගින් සහනයක් ලැබෙනවා.ආදරය,සතුට,දුක යන සියල්ල ඇස මගින් ප්‍රකාශ වෙනවා.එම නිසා පුද්ගල සම්බන්ධතා හා සාහජීවනය ගොඩ නැගීමට ඇස වැදගත් වෙනවා.

SCHEDULE YOUR FREE CONSULTATION

BOOK AN APPOINTMENT

April 2023
Mon Tue Wed Thu Fri Sat Sun
272829303112
3456789
10111213141516
17181920212223
24252627282930

මිනිස් ඇසේ නිර්මාණය
http://icare.lk/wp-content/uploads/2017/09/eye_anthomy-500x400.jpg

අපේ ඇස විශ්කම්භය 25 mm පමණ වන ගෝලාකාර ඉන්ද්‍රියක්.පිටතින් සවිවෙලා තිබෙන මස්ගොබ,නැත්නම් අක්ෂි පේශි වලින් අපේ ඇස හිස්කබලේ තිබෙන ගුහාවක් වැනි අක්ෂි කුහරයකට සම්බන්ධ වෙලයි තිබෙන්නේ.අක්ෂි ගෝලය ප්‍රධානවම ස්ථර තුනකින් සමන්විත වෙනවා.ඒවා අක්ෂි ගෝලයේ බිත්තියේ පිටත සිට ඇතුළතට පිළිවෙලින් හඳුන්වන්නේ ශ්වේත ඝන ස්ථරය,රුධිර ග්‍රාහිය සහ දෘෂ්ටි විතානය කියලයි.ශ්වේත ඝන ස්ථරයම අක්ෂි ගෝලයේ ඉදිරි ප්‍රදේශයේදී හඳුන්වන්නේ ස්වච්ඡය කියලයි.ස්වච්ඡය මගින් ඇස තුළට ආලෝකය ඇතුල්වීමට සලස්වන නිසා එය පාරදෘශ්‍යයි කියලා කියනවා.අපේ ඇසට ආලෝකය ඇතුළු වන තැනට තමයි අපි හැමෝම “ඇහේ බබා” නැත්නම් කළු ඉංගිරියාව කියලා කියන්නේ.

Readmore
මවක් ලෙස පොඩි දරුවකුගේ ඇසක් රැක ගත යුතු ආකාරය
http://icare.lk/wp-content/uploads/2017/09/eye_baby-500x400.jpg

උපදින දිනයේ පටන්ම දරුවකුගේ ඇහැ ඉතාම පිරිසිදු විය යුතුය.මවට පවතින සමාජ රෝග (Syphilis, Gonorrhea) ආදිය නිසා දරුවාගේ ඇස උපතේදීම අන්ධ විය හැක.දරුවකුගේ ඇසේ වර්ණය,කබ ගැලීම,කඳුළු ගැලීම ආදිය පිළිබඳව මව සැලකිලිමත් විය යුතුය.නොමේරු දරු උපත් වලදී ඇහේ පවතින ප්‍රතිශක්තිය අඩු නිසා ඇහැ ඉක්මනින් රෝගී විය හැක.මෙම ළමුන්ගේ සංවේදන දැනෙන දෘෂ්ටි විතානය (Retina) පරිණත නැති නිසා සදාකාලික අන්ධ තත්ත්වයකට වුවද පත් විය හැක.උපතින් ඇතිවන ඇසේ සුද වපර ආදී තත්ව බැලිය යුතුය.මවක් දරුවාගේ ඇස දෙස හොඳින් බැලීමෙන් මෙම තත්ව කලින්ම හඳුනා ගත හැක.

Readmore
“ඇසේ සුද” කියන්නේ මොකක්ද?අපි එය වළක්වා ගන්නේ කොහොමද?
http://icare.lk/wp-content/uploads/2017/09/white_patch_eye-500x400.jpg

අපට ඇස් දෙක ලැබී තිබෙන්නේ ඒවායින් වැඩ ගැනීමටය.වයස අවුරුදු 12-18 කාලයේදී ඇස් වඩාත් දීප්තිමත්ව හා උපරිම ක්‍රියාකාරිත්වයකින් යුතුව ක්‍රියා කරන අතර පෙනීමත් ඉතා නිවැරදිය.අවුරුදු 35-40 පමණ වන විට ශරීරයෙන් ලැබෙන පෝෂණය අඩු වෙලා ඇස්වල පෙනීමේ ගුණාත්මක භාවය අඩු වෙනවා.ගන්නා අහාර පාන,බොන වතුර ප්‍රමාණය,කාලගුණය,ජීවත් වන ප්‍රදේශය,සමාජ ගැටුම්,ජීවන රටාව හා වැඩිහිටි වයසේ ඇතිවන බෝවන හා බෝනොවන රෝග තත්ව, ප්‍රතිශක්තිකරණ හැකියාව යන දේවල් ඒ සඳහා බලපානවා.

Readmore

Our Medical Services

අපෙන් ඔබට ලබා ගත හැකි සේවාවන් මොනවාද

GDx

Retinal nerve fiber layer thickness. ග්හුකොමව මට තිබේද? ග්හුකොමව ඇස් අන්ධ කරයිද? එය පරික්ෂා කර හැක්කේ කෙසේද? කොහෙන්ද?

Eye Pressure

The test may require for people who are age above 40 years, Family history of Glaucoma, මට මගේ ඇසේ පීඩනය මැන ගත යුතුද? ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවද? පෙන්විය යුත්තේ කාහටද? මම අවදානම් සහිත පුද්ගයෙකුද ? දැන ගන්න.

Orthoptic Tests

To find out any extra ocular muscle dysfunction in the eye. මට වපරයක් තිබෙනවාද කියා මා දැන ගන්නේ කොහොමද? පරිගණක බාවිතය මෙයට බලපායිද? වයස් සීමා කාණ්ඩ මෙයට බලපානවද? මගේ ඇහේ මැනුම් වැරදිද? මා පරිගණක බාවිතා කලයුත්තේ කෙසේද? මම අරගෙන තිබෙන්නේ නිවැරදි පරිගණක්ද?

Corneal Topography

Central & peripheral Corneal curvature/keratometry readings , colored contour map. ඇස තුවාල වීමක් සිදු වෙලා තිබෙනවාද? මට අකුරු ඇදට පෙන්නේ ඇයි? ඇස් කෙවෙන්නේ ඇයි? පාඩම් කරන විට ඔලුව කැක්කුම එන්නේ ඇයි?

Color Vision

Check color vision deficiency. මට පෙන පාට නිවැරදිද? මට පාට වෙනස් කිරීම ඇදුනා ගැනීම අපහසුද? ඒ අනුව මාගේ අනාගත ජීවිතය සාදා ගන්නේ කෙසේද? රැකියාවන් සදහා යොමු වෙන්නේ කෙසේද?